මෙ ආදරයද -32- මට මහන්සි හින්දම මම එහමම නිදිය ගත්තා
Views: 426
මෙම කතා අවසරයකින් තොරව වෙනත් වෙබ් අඩවි බ්ලොග් අඩවි facebook pages profile වල පල කිරිමෙන් වළකින්න කරුණාකර කතෘ අයිතිය සුරකින්න.
අසංග අයිය කේන්ති කාරයෙක් වගේ. හැබැයි ඒ කේන්තියෙ අමුතු සුන්දරත්වයක් මට දැනුනා. ඒ ඉතින් මට ආදරෙ නිසා වෙන්න ඇති කියල මට හිතුනා. වැඩ කර කර ඉද්දි අසංග අයිය ආපහු මගේ ලගට ආවා තේ අරගෙන. අසංග අයියගෙ මුන දිහා මම බැලුවා එයා උඩ බලා ගත්තා. මට ඒකට හිනා ගියා. අසංග අයියටත් ඒකට හිනා ගියා. මොකෝ හිනාවෙන්නෙ කොල්ල
මම නැ නිකන් කියල මම කිව්වම
නිකන් වෙන්න බෑ මු මොකක් හරි දෙයක් දැකල හිනාවුනෙ ආහ් හරිනෙ උඹෙ කලිසමෙ ෂිප් එක ඇරිලනෙ බන්.. කියල අසංග අයියගෙ යාලුවෙක් කිව්වා..
අසංග අයියගෙ යාලුව කියනකන් මමවත් ඒක දැක්කෙ නැහැ.
ජොකා දාලනෙ බන් ඒක අවුලක් නැ.
උඹට අවුලක් නැත්නම් අපටත් අවුලක් නැ අසංග අයියගෙ යාලුව එහම කියල හිනාවුනා....
ඒ කොල්ල ටිකකින් මගෙ අත අල්ල ගත්තා. ඒ අසංග මෙ කොලු පැටිය නියමයිනෙ බන්.
එහම කිව්වම මගේ ඉහ මොල රත්වුනා. මෙ යකා මොනවත් දැනගෙනවත්ද කියල මට හිතුනෙ...
මු හොඳට උදව් කරනවනෙ වැඩ වලට.... කියල ඌ කිව්වම
අසංග අයිය කිව්ව ඔව් බන් මෙ අපේ මල්ලිගෙ යාලුවෙක් පොර වැඩ කරු හින්ද මම ගෙන්නව ගත්තා බන් ...
අසංග අයිය තමයි අයිය... ඔන තැනකට උත්තර දෙන්න දන්නව... කියල මට හිතුනා.
ඒ වෙලාවෙ ළමයි කෑම කන්න කියල අසංග අයියගෙ අම්ම කතා කරා. අපි කෑම කාලා ඉවරවෙද්දි වෙලාව 9.30 විතර වෙලා.
මම අසංග අයියට අයියට කිව්වම මට ගෙදර යන්න ඔින කියල
පිස්සුද මල්ලි දැන් රැු වෙලානෙ අද මෙහෙ නිදාගන්න
අපේ මල්ලිගෙ කාමරෙ ඔයා නිදාගන්න.... ඔයාට පුරුදු කාමරෙනෙ කියල අයිය කිව්ව.
අනේ මන්ද යනවද ඉන්නවද කියල කල්පනා කර කර මම පුටුවක වාඩිවෙලා හිටියා...
මට වැඩ කරල ගොඩක් මහන්සිත් එක්ක.
මට ටික වෙලාවකින් අමුත්තක් දැනෙන්න ගත්තා. කවුරුහරි මාව තුරුල් කරන් ඉන්නව වගේ තමයි මට දැනෙන්නෙ. මට මහන්සි හින්දම මම එහමම නිදිය ගත්තා...
කතාව ගැන ඔබගෙ අදහස් පහලින් කමෙන්ට් කරන්න.කතා ලියන කතුවරුන්ට එය වැදගත්වෙි.